Thursday, May 28, 2020

MNS_නිවාඩු කාලීන පාසල 2020 නව වැඩසටහන්

දයාබර දරු දැරියනි,
කොරෝනා ව්‍යසනය හේතුවෙන් තව තවත් දීර්ඝ වන පාසල් නිවාඩු කාලය ඵලදායි කිරීමේ අරමුණින් බ/මහියංගන ජාතික පාසල අඛණ්ඩව පැවරුම් ලබා දීමේ වැඩසටහනක් මේ දිනවල පාසලේ ක්‍රියාත්මක වේ.එමගින්,
01. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම සෑම විෂයක්ම ආවරණය වන ආකාරයට පැවරුම් ගොනු ලබා දීම.
02. අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන් වෙනුවෙන් ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් සම්පාදනය කරන ඌවදීප අධ්‍යාපනික සගරාව නොමිලේ බෙදා දීම
03. මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන විද්‍යා / ගණිත විෂයන් හදාරන දරුවන් වෙනුවෙන් ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් සම්පාදනය කරන වීඩියෝ පාඩම් අඩංගු සංයුක්ත තැටි නොමිලේ බෙදා දීම සිදු කෙරේ.
මෙම පණිවිඩය පිළිබදව ඔබ දන්නා මහියංගන ජාතික පාසලේ දරුවන් දැනුවත් කරන්න
පාසලෙන් දැනට ලබාගත හැකි පැවරුම් වලින් කිහිපයක් මෙමගින් ලබා ගත හැක.
පැවරුම් කිහිපයක් ලබා ගැනීමට click කරන්න.

ඔබට පහසු දිනයක උදේ කාලයේ පාසලට පැමිණ මේවා ලබා ගත හැක.දරුවන් පැමිණීම අනිවාර්ය නැත.

No comments:

Post a Comment