Thursday, June 4, 2020

විද්‍යාව Online පන්තිය

කොරෝනා ව්‍යසනය හේතුවෙන් පාසල් දරුවන්ගෙන් මග හැරෙන අධ්‍යන කාලය ඌනපූර්ණය කිරීම සදහා online ඔස්සේ නොමිලේ විද්‍යාව පාඩම් ඉගැන්වීමට සියළු කටයුතු සූදානම් කොට ඇත.මේ සදහා ලංකාවෙ ඕනෑම ප්‍රදේශයක සිටින 9,10 සහ 11 ශ්‍රේණි වල සිංහල මාධ්‍යයෙන්  ඉගෙනුම ලබන දරුවන්ට සහභාගී විය හැක.පලමුව පහත ලින්ක් එක ඔස්සේ ගොස් ඔබව ලියාපදිංචි කිරීම සදහා අවශ්‍ය දත්ත ඇතුලත් කරන්න.
ලියාපදිංචි වීම සදහා මෙතැන ක්ලික් කරන්න >>>>>
ඔබේ පසලේ දරුවන්,ඔබේ හිතමිතුරන් මේ පිළිබද දැනුවත් කරන්න.

Thursday, May 28, 2020

MNS_නිවාඩු කාලීන පාසල 2020 නව වැඩසටහන්

දයාබර දරු දැරියනි,
කොරෝනා ව්‍යසනය හේතුවෙන් තව තවත් දීර්ඝ වන පාසල් නිවාඩු කාලය ඵලදායි කිරීමේ අරමුණින් බ/මහියංගන ජාතික පාසල අඛණ්ඩව පැවරුම් ලබා දීමේ වැඩසටහනක් මේ දිනවල පාසලේ ක්‍රියාත්මක වේ.එමගින්,
01. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම සෑම විෂයක්ම ආවරණය වන ආකාරයට පැවරුම් ගොනු ලබා දීම.
02. අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන් වෙනුවෙන් ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් සම්පාදනය කරන ඌවදීප අධ්‍යාපනික සගරාව නොමිලේ බෙදා දීම
03. මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන විද්‍යා / ගණිත විෂයන් හදාරන දරුවන් වෙනුවෙන් ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් සම්පාදනය කරන වීඩියෝ පාඩම් අඩංගු සංයුක්ත තැටි නොමිලේ බෙදා දීම සිදු කෙරේ.
මෙම පණිවිඩය පිළිබදව ඔබ දන්නා මහියංගන ජාතික පාසලේ දරුවන් දැනුවත් කරන්න
පාසලෙන් දැනට ලබාගත හැකි පැවරුම් වලින් කිහිපයක් මෙමගින් ලබා ගත හැක.
පැවරුම් කිහිපයක් ලබා ගැනීමට click කරන්න.

ඔබට පහසු දිනයක උදේ කාලයේ පාසලට පැමිණ මේවා ලබා ගත හැක.දරුවන් පැමිණීම අනිවාර්ය නැත.

Wednesday, May 6, 2020

2022 අ.පො.ස. (උසස් පෙළ) 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සදහා අයදුම් පත් කැදවීම.

බ/මහියංගන ජාතික පාසල සදහා 2022 අ.පො.ස. (උසස් පෙළ) 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සදහා අයදුම් පත් කැදවීම මේ දින වල සිදු කෙරේ.
අභ්‍යන්තර සහ බාහිර අයදුම්කරුවන් පහත් සදහන් ආදර්ශ අයදුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර තැපැල් මාර්ගයෙන් හෝ පාසලට ගෙනැවිත් බාර දෙන ලෙස ගරු විදුහල්පති තුමා දන්වා සිටිනවා.

අයදුම්පත්‍රය ලබා ගැනීම සදහා මෙතැන click කරන්න


online මගින් අයදුම් කිරීමට මෙතැන click කරන්න

Monday, May 4, 2020

රටක් වටින පොතක්

පාසල් දු දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික පුස්තකාලය එක්ව විශේෂ වැඩසටහක් ආරම්භ කර තිඛේ.
අදාල වැඩසටහන පිළිබද අධ්‍යාපන අමාත්‍යංශ නිකුත් කළ සියලු තොරතුරු පහතින් දැක්වේ.
දයාබර දරුවනි,
වර්තමානයේ ලොව පුරා පැතිර යන COVID 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් මෙරට 43 ලක්ෂයකට ආසන්න පාසැල් දූදරුවන් තම නිවෙස්වලට වී කාලය ගත කරති.
එම දරුදැරියන් තුළ චිත්ත ශක්තිය, නිර්මාණ ශක්තිය හා අභියෝග ජය ගැනීමේ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය හා එක්ව සිදුකරන පොත් 10,000 ලිවීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් දියත්කර ඇත.
ආදරණීය පාසල් දුවා දරුවන් වර්තමානයේ ලෝකයේ පැතිර යන අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් නිවෙස් තුළට වී කාලය ගත කරයි. පොතපත කියවීමෙන් මෙම කාලය තුළ තම දැනුම වර්ධනය කර ගැනීමට දරුවන්ට සිදුව ඇත. පොත් කියවන දරුවන්ට තවත් කාර්යයක් කිරීමට අප ආරාධනය කරමු. ඒ පොත් ලිවීමටයි. මේ ව්‍යසනය අතරතුර ඔබගේ නිසඟ හැකියාවන් ඔප්නංවා ගැනීමට පෙළ ගැසෙමු. ලියන්නට පටන් ගනිමු. ඔබ ලියන ලද පොත් ඔබේ පාසල ආරම්භ කළ පසු ගුරුවරුන් ලවා යළිත් සංශෝධනය කරවාගෙන විදුහල්පතිතුමා හෝ තුමිය මගින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා හෝ තුමිය වෙත යැවිය යුතුය. කලාප අධ්‍යක්ෂ එම පොත් වලින් හොඳම පොත් තෝරා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යැවිය යුතු අතර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම පොත්වලින් තෝරාගත් හොඳම පොත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවනු ඇත. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය හොඳම පොත් දස දහසක් ප්‍රකාශයට පත් කරනු ඇත. සෑම පාසලක්ම එක් පොතක්වත් ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙය තරගයක් ආකාරයට පැවැත්වේ. මේ මගින් ඔබට ළමා කතුවරුන් බවට පත්විය හැකිය. එසේම ඔබට රාජ්‍ය සම්මාන ද හිමි වනු ඇත.
ඔබ 1 වසරේ සිට 13 වසර දක්වා රජයේ හෝ ජාත්‍යන්තර පාසැලක ඉගෙන ගන්නා දරුවෙක් නම් COVID -19 තත්ත්වය හේතුවෙන් ලබා දී ඇති නිවාඩු කාලය තුළ මෙම තරගය වෙනුවෙන් ග්‍රන්ථයක් ‍රචනා කළ හැකයි. මේ සදහා වන නීති රීති, නිර්ණායක පහත දැක්වේ.
නිර්ණායක
1. වයස් කාණ්ඩ : 1 වසරේ සිට 13 වසර දක්වා
2. සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි ‍යන භාෂා ත්‍රිත්වයෙන්ම ග්‍රන්ථකරණයේ යෙදීමට හැකිය.
3. පොත් වර්ග (ශානර)
ළමා කතන්දර
පද්‍ය රචනා
යොවුන් සාහිත්‍ය කෘති
කෙටිකතා
නවකතා
නාට්‍ය රචනා
පරිවර්තන
ඓතිහාසික කතා
මායා කතා
මිථ්‍යා කතා
අභිරහස් කතා
උපමා කතා
ජන කතා
විද්‍යා ප්‍රබන්ධ
පරිසර විත්ති
චරිතාපදාන
ස්වයංචරිතාපදාන
සුරංගනා කතා
අතිශයෝක්ති කතා
ආගමික කතා
වීර කතා
විෂයානුබද්ධ පොත්
පුරාවෘත්ත
මිශ්‍ර යන ඕනෑම කාණ්ඩයකින් එකක් තෝරා ගත හැකිය.
                   





5. කෙටිකතා සංග්‍රහයක් නම්, අවම වශයෙන් කෙටි කතා 5 ක් ඇතුළත් විය යුතුය.
6. පද්‍ය සංග්‍රහයක් නම් පද්‍ය 20 කට වැඩි 50 කට නොවැඩි විය යුතුය.
7. නවකතාවක් නම්, පරිගණකගත කළ පසු A5 පිටු අවම වශයෙන් පටු 120 ක් පැවතිය යුතුය.
8. ළමා කතන්දර පොතක පිටු 16 ක් වත් තිබිය යුතුයි. අනිකුත් පොත්වල පිටු ගණන 49 ට වැඩි හා 150ට අඩු විය යුතුයි.
9. දහවන ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්නා දූ පුතුන්ට ළමා කතන්දර ලියා එවිය හැකිය. මෙම ළමා කතන්දර පොත් වර්ණ පිටු හා චිත්‍ර සහිත විය හැකිය.
10. සෑම පොතක්ම A4 කඩදාසිවල ලිවිය යුතුයි.
11. සෑම පොතක් ම පරිගණක යතුරු ලියනය කර තිබිය යුතුයි.
12. සෑම පොතක්ම දෘඩ පිටපතක් හා මෘදු පිටපතකින් යුක්ත විය යුතුය.
13. ඡායාරූප ඇත්නම් හැකි සෑම විටම ඒවා කළු සුදු ඡායාරූප
විය යුතුයි. වර්ණ ඡායාරූප 4 colours විය යුතුයි. ඡායාරූප දක්වා ඇති අවස්ථාවල කිසිදු පුද්ගලයකු පෞද්ගලික ව හඳුනා ගැනීමට නොහැකි වන ආකාරයේ ඡායාරූප පමණක් එකතු කළ යුතුය. (ඡායාරූපවල මුහුණ ප්‍රදේශ අඳුරු කළ යුතුය.)
14. සත්‍ය නම් ගම් සහිතව රචනා නොකළ යුතුය. සියලු නම් ගම් මනඃකල්පිත විය යුතුය.
15. ළමා කතන්දර වල පරිගණක අකුරු ප්‍රමාණය 14 විය යුතුයි. අනෙක් පොත්වල අකුරු ප්‍රමාණය 12 විය යුතුයි. පේළි අතර පරතරය 1.5 ක් විය යුතුය. පිටු ප්‍රමාණය 16 වැඩිවිය යුතුය.
16. මාතෘකාවක් හා පේළිය අතර පරතරය පරිගණක පුවරුවට අනුව 2 ක් විය යුතුය.
17. ලියනු ලබන පිටුවක වට ඉඩ ප්‍රමාණය පහත පරිදි විය යුතුය. වම් අත අඟල් 1.5 ක ඉඩක් ද, ඉතිරි තුන් පැත්ත අඟල බැගින් ඉඩක් ද තබා ලිවිය යුතුය. (පරිගණක ආශ්‍රයෙන් බව සලකන්න)
18. අකුරු වර්ගය iskolepotha විය යුතුය.
19. පිට කවරය වර්ණ ඡායාරූප වලින් හෝ චිත්‍ර වලින් සැකසිය හැකිය.
20. කවි පොත් චිත්‍ර සහිත හෝ රහිත විය හැකිය. එහෙත් ඒවා පරිගණක phlip art නොවිය යුතුය.
21. දෘඩ පිටපත් wire binding මගින් අමුණා තිබිය යුතුය. මෘදු පිටපත් (CD) සංයුක්ත තැටි මගින් ඉදිරිපත් කළ යුතු අතර පලාත් කාර්යාලය මගින් තෝරාගනු ලබන පොත් වල මෘදු පිටපත පහත දක්වන විද්‍යුත් තැපෑලට pdf ලියවිල්ලක් ආකාරයට එවිය හැකිය.
22. පාසල මගින් ඉදිරිපත් කරනු ලබන සියලු පිටපත්වල මෘදු පිටපත කලාප කාර්යාලය වෙත විද්‍යුත් තැපෑලෙන් ද යැවිය හැකිය.
23. වෙනත් අයකු පළකර ඇති කිසිදු කරුණක් අවසරයකින් තොරව පළ නොකළ යුතුය. වෙනත් අයෙකුගේ නිර්මාණයක් ඉදිරිපත් නොකළ යුතුය.
24. 11 සිට 13 ශ්‍රේණි කාණ්ඩය සඳහා විෂයානුබද්ධ පොත්, ව්‍යාපෘති හෝ පර්යේෂණ ද ඉදිරිපත් කළ හැකිය.
25. එවැනි පොත් පත් ඉදිරිපත් කරන දරුවන් සඳහා පහත 26 සිට29 දක්වා වන නිර්ණායක අනුගමනය කළ යුතුය.
26. විෂය කරුණු සහිත පොත් සඳහා පැහැදිලි කිරීම් අවශ්‍යම අවස්ථාවල පමණක් ඡායාරූප හා චිත්‍ර ඇතුළත් කළ හැකිය.
27. එම කාණ්ඩයේ ඉදිරිපත් කරනු ලබන පොත්පත් අතර ව්‍යාපෘති හෝ පර්යේෂණ ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ද ඔබට අවසර ලැබේ. ඒ සඳහා වන ආචාර ධර්ම ඔබ විසින් පිළිපැදිය යුතුය.
28. උපුටා ගැනීම් දැක්විය යුතුය. ඒ සඳහා ආශ්‍රිත ග්‍රන්ථ නාම ලේඛනයක් ඇමිණිය යුතුය. ආශිත ග්‍රන්ථ පළකිරීම APA ක්‍රමය හෝ Hawerd ක්‍රමය යන දෙකෙන් එකක් භාවිතා කර සිදු කළ යුතුය.
ඔබට අවශ්‍ය නම් පහත උදාහරණය බලන්න.
කතුවරයාගේ නම _ පී තේනබදු
වර්ෂය – 1959
පොතේ නම – සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය
ප්‍රකාශකයා – කොළඹ ඇපොතිකරීස් සමාගම
ප්‍රකාශිත නගරය – කොළඹ.
මෙම තොරතුරු ආශ්‍රිත ග්‍රන්ථ නාම ලේඛනයක සඳහන් කරන්නේ මෙසේය. තේනබදු, පී . (1959 ). සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය. කොළඹ : ඇපොතිකරීස්. යන ආකාරයට ය.
29. වෙනත් ඇමිණුම් දක්වන විට එම ඇමිණුම් වලට අංකයක් ලබාදෙන්න. අංක පිළිවෙළට ඇමිණුම් එකතු කරන්න. එම ඇමිණුම් අංක අවශ්‍ය අවස්ථාවල විමසා බැලීම සඳහා සුදුසු පරිදි සංවිධානාත්මකව පොතෙහි පැහැදිලිව ඉදිරිපත් කරන්න.
30. පොතේ පිටු පිළිවෙල කිරීම පහත පරිදි සිදු කරන්න.
1. මුල් පිටුව (මාතෘකාව හා කතුවරයාගේ නම මුල්පිටුවේ චිත්‍රය සමග තිබිය හැකියි.)
2. දෙවන මුල් පිටුව – ඝන පිට කවරය ට අමතරව එවැනිම මුල් පිටුවක් සකස් කරන්න. (පොතේ නම, කතුවරයාගේ නම, ප්‍රකාශකයාගේ නම සහිතව)
3. පිදුම – ඔබට අවශ්‍ය අයෙකුට පොත පිදිය හැකිය. “මගේ මෙම පොත …………….වෙත ඉතා ආදරෙන් පුදකරමි” වැනි වැකියක් යොදා ගත හැකිය.
4. ස්තුතිය – මෙම පොත එළිදැක්වීමට ඔබට උපකාර කළ අයට ස්තූතිය පළ කිරීමට යොදාගැනේ. (A -4 පිටුවකට සීමා විය යුතුය.)
5. පෙරවදන – පොත හා කතුවරයා පිළිබඳ ලියන ලද විස්තරයකි.
(A 4 පිටු දෙකකට වඩා යොදා නොගැනීමට වගබලා ගතයුතුය.)
6. පටුන – ප්‍රධාන මාතෘකා අනුමාතෘකා පිටු අංක සහිතව දැක්විය යුතුය. (ළමා කතන්දර පොත් සඳහා අදාල නොවේ.)
මේ දක්වා පිටු අංක කිරීම රෝම ඉලක්කම් වලින් කළ යුතුය. ඉන්පසුව අරාබි ඉලක්කම් වලින් පිටු අංක කරන්න.
7. පරිච්ඡේද හෝ කොටස් – පළමු පරිච්ඡේදයේ හෝ කොටසේ සිට අවසානය දක්වා පරිච්ඡේද හෝ කොටස් වෙන් වශයෙන් තිබිය යුතුය. පරිච්ඡේද හෝ කොටස්වල අනුපිළිවෙලක් තිබිය යුතුය. එය ඔබේ පොතෙහි ක්‍රමානුකූල ගලායාම පැහැදිලි කරනු ඇත.
පොදු නිර්නායක
🔹 මැයි මස 28 වන දිනට පෙර ග්‍රන්ථකරණය නිම කළ යුතුය.
🔹පාසැලේ කමිටුවක් මගින් හොඳම ග්‍රන්ථය තෝරා කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ජුනි මස 10 වෙනිදාට පෙර බාරදිය යුතුය.
🔹 කලාප අධ්‍යාපන කාර්යාල මගින් ජුනි මස 15 දිනට ප්‍රථම සියලු ග්‍රන්ථ පළාත් අධ්‍යාපන කාර්යාල වෙත ලබා දිය යුතුය
🔹ජුනි මස 25වන දින වනවිට පළාත් අධ්‍යාපන කාර්යාල විසින් එම ග්‍රන්ථ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවිය යුතුය.
🔹ප්‍රථම අදියරේ දී තෝරා ගන්නා ග්‍රන්ථ 10,000 විද්‍යුත් ග්‍රන්ථ බවට පත් වී විද්‍යුත් පුස්තකාලයට ඇතුළත් කරනු ලැබේ.
🔹සුදුසුකම් ලත් නිර්දේශ කමිටුවක් මගින් හොඳම ග්‍රන්ථ 100 තෝරාගෙන මුද්‍රණය කර රාජ්‍ය සම්මාන පිරිනමනු ලැබේ. මෙම පොත් මුද්‍රණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය එක්ව කටයුතු කරනු ලැබේ.
මෙම සම්පූර්ණ කාර්ය සම්බන්ධීකරණය කරනු ලබන්නේද අධ්‍යපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය මගිනි.

Friday, May 1, 2020

නිවසේ සිට වෙසක් සමරමු....

Vesak Images, Stock Photos & Vectors | Shutterstock


කොරෝනා වසංගතය හේතුවෙන් රටේ පවතින වාතාවරණය යථාතත්වයට පත්වීම කෙදිනක සිදුවේවිද යන්න ගැටළුවකි.මෙම තත්වය මත තවත් නොබෝ දිනකින් එලබෙන සම්බුදු තෙමගුල සමරන වෙසක් උත්සවය තම තමන්ගේ නිවෙස් වල සිටම පැවැත්වීමට සිදුව ඇත.
එමෙන්ම පාසල් දරුවන් සදහා වෙසක් උත්සවයට සමගාමීව නිවසේ සිට සහභාගී විය හැකි තරග කිහිපයක් පැවැත්වීමට ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව සැළසුම් කොට ඇත.ඒ පිළිබද

වැඩි විස්තර ලබා ගැනීම සදහා මෙතැන click කරන්න.

Thursday, April 30, 2020

අ.පො.ස.සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය....



අ.පො.ස.(සා.පෙළ )විභාගය 2019 ප්‍රතිඵල මේ වන විට සියළු පාසල් වෙත ලැබී අවසන්ය.එම ප්‍රතිඵල විශ්ලේෂණය අනුව මෙවරද පෙර සේම බ/මහියංගන ජාතික පාසල ඉහළ ප්‍රතිඵල වාර්තා කර ඇති බව සතුටින් දන්වා සිටිමු.
මෙවැනි ඉහළ ප්‍රතිඵලයක් පාසලට හිමි කරගැනීම සදහා වෙහෙස මහන්සි වූ පාසලේ දරු දැරියන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් විදුහලේ ආචාර්යය මණ්ඩලය උණුසුම් සුභ පැතුම් එක් කරයි.
එමෙන්ම මෙම කාර්යයේදී ඇප කැප වී උර දුන් පාසලේ ඇදුරු මඩුල්ලද විදුහල් පති තුමා විසින් ස්තුති පූර්වකව සිහිපත් කරන ලදි.
මෙවර පළමු වර විභාගයට මුහුණදුන් ශිෂ්‍ය සංඛ්‍යාව - 245 කි.
(මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් සිදු කරනු ලැබූ ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තාවක් සංසරණය වෙමින් පවතින අතර එහි අප පාසලේ ප්‍රතිඵල වල දෝශ පතින බවත් ඒ පිළිබදව වගකිව යුත්තන් දැනුවත් කර ඇති බවත් දන්වමි.එම සංශෝධනය නොකළ ප්‍රතිඵල වාර්තාව පෙන්වමින් ඇතැම් පුද්ගලයින් විසින් පාසල පිළිබදව වැරදි ප්‍රචාරයන් මේ වන විටත් සිදුකරන බවට තොරතුරු ලැබී ඇත.එවනි අධමයන්ගේ වැරදි ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පාසල හා ප්‍රජාවට දන්වා සිටිමි. )

Sunday, April 26, 2020

දැනුම් දීමයි.

          ආදරණීය දරුවනේ දැනට මෙම බ්ලොග් අඩවිය තුළින් ඔබට ලබා ගත් හැක්කේ අන්තර්ජාලයෙන් උපුටා ගත් පැවරුම් සහ ප්‍රශ්න පත්‍ර සහ පාසලේ ගුරුභවතුන් කිහිප දෙනෙක් විසින් ලබා දුන් ප්‍රශ්න පත්‍ර වේ.

ඉදිරියේදී පාසලේ ගුරු භවතුන් විසින්ම සකස් කළ පැවරුම් බොහෝ ප්‍රමාණයක් ගෙන ඒමට සූදානමින් සිටී.

තවද නිරතුරුව මෙම බ්ලොග් අඩවියේ සැරිසරමින් නව පැවරුම් ලබා .ගන්නා ලෙසත්,ඔබගේ හිත මිතුරන්ටද මෙම බ්ලොග් අඩවිය පිළිබද පණිවිඩය ලබා දෙන ලෙසත් දන්වමි.

මෙම බ්ලොග් අඩවියේ ලිපිනය - https://mahiyangananationalschool.blogspot.com/