Thursday, April 30, 2020

අ.පො.ස.සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය....



අ.පො.ස.(සා.පෙළ )විභාගය 2019 ප්‍රතිඵල මේ වන විට සියළු පාසල් වෙත ලැබී අවසන්ය.එම ප්‍රතිඵල විශ්ලේෂණය අනුව මෙවරද පෙර සේම බ/මහියංගන ජාතික පාසල ඉහළ ප්‍රතිඵල වාර්තා කර ඇති බව සතුටින් දන්වා සිටිමු.
මෙවැනි ඉහළ ප්‍රතිඵලයක් පාසලට හිමි කරගැනීම සදහා වෙහෙස මහන්සි වූ පාසලේ දරු දැරියන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් විදුහලේ ආචාර්යය මණ්ඩලය උණුසුම් සුභ පැතුම් එක් කරයි.
එමෙන්ම මෙම කාර්යයේදී ඇප කැප වී උර දුන් පාසලේ ඇදුරු මඩුල්ලද විදුහල් පති තුමා විසින් ස්තුති පූර්වකව සිහිපත් කරන ලදි.
මෙවර පළමු වර විභාගයට මුහුණදුන් ශිෂ්‍ය සංඛ්‍යාව - 245 කි.
(මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් සිදු කරනු ලැබූ ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තාවක් සංසරණය වෙමින් පවතින අතර එහි අප පාසලේ ප්‍රතිඵල වල දෝශ පතින බවත් ඒ පිළිබදව වගකිව යුත්තන් දැනුවත් කර ඇති බවත් දන්වමි.එම සංශෝධනය නොකළ ප්‍රතිඵල වාර්තාව පෙන්වමින් ඇතැම් පුද්ගලයින් විසින් පාසල පිළිබදව වැරදි ප්‍රචාරයන් මේ වන විටත් සිදුකරන බවට තොරතුරු ලැබී ඇත.එවනි අධමයන්ගේ වැරදි ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පාසල හා ප්‍රජාවට දන්වා සිටිමි. )

Sunday, April 26, 2020

දැනුම් දීමයි.

          ආදරණීය දරුවනේ දැනට මෙම බ්ලොග් අඩවිය තුළින් ඔබට ලබා ගත් හැක්කේ අන්තර්ජාලයෙන් උපුටා ගත් පැවරුම් සහ ප්‍රශ්න පත්‍ර සහ පාසලේ ගුරුභවතුන් කිහිප දෙනෙක් විසින් ලබා දුන් ප්‍රශ්න පත්‍ර වේ.

ඉදිරියේදී පාසලේ ගුරු භවතුන් විසින්ම සකස් කළ පැවරුම් බොහෝ ප්‍රමාණයක් ගෙන ඒමට සූදානමින් සිටී.

තවද නිරතුරුව මෙම බ්ලොග් අඩවියේ සැරිසරමින් නව පැවරුම් ලබා .ගන්නා ලෙසත්,ඔබගේ හිත මිතුරන්ටද මෙම බ්ලොග් අඩවිය පිළිබද පණිවිඩය ලබා දෙන ලෙසත් දන්වමි.

මෙම බ්ලොග් අඩවියේ ලිපිනය - https://mahiyangananationalschool.blogspot.com/

විදුහල්පති තුමගේ පණිවිඩය


       ආදරණීය දුවේ පුතේ,
                                        වර්ථමානයේ මුළු ලෝකයම කොරෝනා  ව්‍යසනයෙන් පීඩාවට පත්ව ඇති මෙවන් මොහොතක හැකිතාක් නිවසටම වී සිටිමින් ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යසනයෙන් මුදවා ගැනීමට අපද හැකි උපරිම සහයෝගය ලබා දීම අප සැමගේ යුතුකමක් බව සිතන්න.
                                   කෙසේ වෙතත් දරුවනේ ඔබගේ අධ්‍යාපන වැඩකටයුතුද මග නොහරවා ගනිමින් නවීන තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ සිදු කිරීමටද උනන්දු විය යුතුය.ඒ සදහා අප පාසලේ සෑම පන්තියක්ම ආවරණය වනපරිදි whatsapp group ඔස්සේ මේවන විටත් අධ්‍යන කටයුතු සිදු කරන බව සතුටින් දන්වා සිටිමි.එපමණක් නොව මෙවැනි බ්ලොග් අඩවි නිර්මාණය කරමින් බ/මහියංගන ජාතික පාසලේ ගුරුභවතුන් වෙහෙස වන්නේ ඔබගේ අධ්‍යාපන සංවර්ධනය සදහාය.එබැවින් මෙහි ඵල කරනු ලබන පැවරුම සහ ප්‍රශ්න පත්‍ර සම්පූර්ණ කර නැවත පාසල් ආරම්භ කරන දින රැගෙන ආ යුතු බවද දන්වා සිටිමි.
                                                       සියළු දෙනාට නිරෝගී හෙට දවසක් පතමි.

Friday, April 24, 2020

බ/මහියංගන ජාතික පාසලේ සියලුම ගුරු භවතුන් වෙතයි

මෙම blog අඩවිය අප පාසලේ දරුවන් සදහා නිවාඩු කාලීන පාසල වෙනුවෙන් පැවරුම් ලබා දීමට නිර්මාණය කොට ඇති බැවින් ඔබ සතුව ඇති ප්‍රශ්න පත්‍ර හැකිතාක් පහත E-mail ලිපිනයට e-mail කරන්න.
mnsmahiyanganaya@gmail.com